Dhamma Quiz 5 Created on April 13, 2022 By vadmin සූත්‍ර දේශනා හඳුන්වා දීම - 1 කොටස 1 / 16 ආර්‍ය්‍ය සත්‍යය විස්තර වශයෙන් දේශනා වන සාරීපුත්ත මහ රහතන් වහන්සේ විසින් සිදු කරන ලද දේශනය කුමක්ද? දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව රාග විනයායන සූත්‍රය සච්ච විභංග සූත්‍රය මහා සමය සූත්‍රය 2 / 16 බෝසත් මොණරෙකු තම ජීවිත්යේ ආරක්ෂාව පිණිස බුදු ගුණ සත්‍යානුභාවයෙන් සිදු කර සත්‍යක්‍රියාවක් ආශ්රයෙන් දේශනා වූ දේශනය කුමක්ද? මෝර පිරිත ඛන්ධ සූත්‍රය රතන සූත්‍රය ධජග්ග සූත්‍රය 3 / 16 තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් යම් හේතුවක් නිසා තැති ගත් විට ඒ තැති ගැනීම දුරු වීම පිනිස සිහි කල යුතු ආකාරය ගැන සඳහන් වන සුත්‍ර දේශනාව කුමක්ද? දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව රාග විනයායන සූත්‍රය ධම්ම චේතිය සූත්‍රය ධජග්ග සූත්‍රය 4 / 16 සර්පයන්ගෙන් සිදු වෙන අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා සර්ප රාජ කුල වලට මෙත් පැතිර වීම ගැන සඳහන් සූත්‍ර දේශානාව කුමක්ද? ඛන්ධ සූත්‍රය මෙත්තානිසංස සූත්‍රය කරණීය මෙත්ත සූත්‍රය ආලවක සූත්‍රය 5 / 16 බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මුල් කර ගනිමින් සිදු කල සත්‍යක්‍රියාවක් අනුසාරයෙන් සකස් වූ සම්බුද්ධ දේශනාව කුමක්ද? රාග විනයායන සූත්‍රය සප්ත සුරියෝද්ගමන සූත්‍රය රතන සූත්‍රය නිධීකණ්ඩ සූත්‍රය 6 / 16 මෙත් සිත පැතිර වීම පිණිස තමා විසින් පුරුදු කර ගත යුතු ගුණ ධර්ම හා මෙත් සිත පැතුර විය යුතු ආකාරය පිලිබඳව සඳහන් වෙන සූත්‍ර දේශනාව කුමක්ද? මෙත්තානිසංස සූත්‍රය මිත්තානිසංස සූත්‍රය කරණීය මෙත්ත සූත්‍රය ආඝාත පටිවිනය සූත්‍රය 7 / 16 දකින, අහන, සුවඳ විඳින සුන්දර දේ මංගල වේ යන මිත්‍යා දෘෂ්ඨිය බිඳ දමා සැබෑම මංගල කරුණු මතු කර දුන් සම්බුද්ධ දේශානාව කුමක්ද ? දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව මහාමංගල සූත්‍ර දේශනාව රතන සූත්‍ර දේශනාව කරණීය මෙත්ත සූත්‍ර දේශනාව 8 / 16 උතුම් සත්‍යය සතර ගැන සඳහන් වන භාග්‍යවතුන් වහන්සේගේ පලමු දේශනාව කුමක්ද? දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව සච්ච විභංග සූත්‍රය අනත්ත ලක්ඛණ සූත්‍රය අරිය පරියේසන සූත්‍රය 9 / 16 මිත්‍ර ද්‍රෝහී නොවන්නෙකුට ලැබෙන ආනිසංශ පිලිබඳව සඳහන් වන දේශනාවක් වන්නේ කුමක්ද? ඛන්ධ සූත්‍රය මෙත්තානිසංස සූත්‍රය මෝර පිරිත මිත්තානිසංස සූත්‍රය 10 / 16 තෙරුවන් සරණ ගිය ගිහි පැවිදි පිරිසට අමනුෂ්‍යය උපද්‍රවයක් පැමිණි විට සතරවරම් දෙවිවරුන්ගෙන් උපකාර ඉල්ලීම සිදු කලයුතු ආකාරය සඳහන් වන දේශනාවක් වන්නේ කුමක්ද? ඛන්ධ සූත්‍රය ආටානාටිය සූත්‍රය මහා සමය සූත්‍රය සක්ක පඥ්ඥා සූත්‍රය 11 / 16 දස කුසල සංඳාවන් පිලිබඳව පැහැදිලි කරන දේශනාව කුමක්ද? ගිරිමානන්ද සුත්‍රය දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව රාග විනයායන සූත්‍රය මහා සමය සූත්‍රය 12 / 16 පිරිහීමේ දොරටු පිලිබඳව සිදු කරන ලද දේශනය කුමක්ද? වසල සූත්‍රය පරාභව සූත්‍රය සිඟාලෝවාද සූත්‍රය ව්‍යග්ගපජ්ජ සූත්‍රය 13 / 16 වසල ගති හඳුන්වා දෙමින් සිදු කරන ලද දේශනය කුමක්ද? වසල සූත්‍රය පරාභව සූත්‍රය සිඟාලෝවාද සූත්‍රය ව්‍යග්ගපජ්ජ සූත්‍රය 14 / 16 කවර ධනයද පුරුෂයා හට උතුම් වන්නේ, කවර කරුණද පුරුදු කල විට සැප ලැබෙන්නේ ආදී ලෙස පැන විමසූ යක්ෂයෙකුට පිලිතුරු ලෙස කල සම්බුද්ධ දේශනය කුමක්ද? ඛන්ධ සූත්‍රය මහා සමය සූත්‍රය ආටානාටිය සූත්‍රය ආලවක සූත්‍රය 15 / 16 භාග්‍යවතුන් වහන්සේගේ ශාසනික සේවය ගොවිතැනට උපමා කර ගනිමින් සිදු කරන ලද සම්බුද්ධ දේශනය කුමක්ද? බීජ සුත්‍රය කසීභාරද්වාජ සූත්‍රය ආලවක සූත්‍රය ගණ්ඩෝපම සූත්‍රය 16 / 16 කොසොල් රජු විසින් බුදු සසුන ගැන තමන් පැහැදීමට පත් වීමට බලපාන හේතූන් ගැන විස්තර වන සම්බුද්ධ දේශනාව කුමක්ද? මහා සමය සූත්‍රය ධම්ම චේතිය සූත්‍රය ආටානාටිය සූත්‍රය ඛන්ධ සූත්‍රය Your score is The average score is 76% Facebook 0% Restart quiz 2 Created on April 16, 2022 By vadmin සූත්‍ර දේශනා හඳුන්වා දීම - 2 කොටස 1 / 10 සඳ වැඩීගෙන එන රැයක සාරීපුත්ත මහා රහතන් වහන්සේට යක්ෂයෙකු විසින් මහා බලවත් පහරක් ගැසීමත්, එයින් මහානුභාවසම්පන්න වූ සාරීපුත්ත මහ රහතන් වහන්සේට කුඩා හිසේ කැක්කුමක් හැර වෙන කිසිඳු අනතුරක් සිදු නොවීමත්, ඒ යක්ෂයා මහා නිරයට ඇද වැටීමත් යන සිදු වීම් සඳහන් වන සූත්‍රය කුමක්ද? ආලවක සූත්‍රය ආටානාටිය සූත්‍රය ජුණ්හ සූත්‍රය මාර සූත්‍රය 2 / 10 එක්තරා ස්වාමීන් වහන්සේ නමක් භාවනාව උදෙසා යම් රමණීය අඹ වනයකට වැඩි අතර එහිදී උන් වහන්සේගේ සිත තදබල ලෙස කාම, ව්‍යාපාද, විහිංසා විතර්ක වලින් යට වී ගියා. ශ්‍රද්ධාවෙන් පැවිදි වූ උන්වහන්සේ ඒ පිලිබඳව සංවේගයට පත්ව භාග්‍යවතුන් වහන්සේගෙන් ඊට හේතු විමසා සිටියා. එහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් භාවනාව පිණිස නොමේරූ සිතක් මේරීම සඳහා උපකාරී වන හේතු 5ක් අන්තර්ගත කොට වදාල දේශනය කුමක්ද? මේඝීය සූත්‍රය කාළාම සූත්‍රය සිඟාලෝවාද සූත්‍රය මහාසමය සූත්‍රය 3 / 10 රෙදි වියන්නෙකුගේ වෙස් ගත් සක් දෙවිඳු මහත් වූ පිනක අපේක්ෂාවෙන් රහතන් වහන්සේ නමකට දන් පැන් පිදූ අවස්ථාවක් ගැන සඳහන් වෙන සූත්‍ර දේශනාව කුමක්ද? නිධීකණ්ඩ සූත්‍රය මධු පිණ්ඩික සූත්‍රය කස්සප සූත්‍රය මඝ මානවක සූත්‍රය 4 / 10 ආත්ම භාව පන්සියයක් එක දිගට බ්රාභ්මණ කුලයේ ඉපදීමෙන් වසල වාදය හුරු වීම නිසා අරහත්වයට පත් වූ භවයේ පවා ද්වේෂ සිතක් නොමැති වුවත් වසල වාදයෙන් අන්‍ය භික්ෂූන් ඇමතූ රහතන් වහන්සේ නමක් පිළිබඳව සඳහන් වන සූත්‍රය කුමක්ද? වසල සූත්‍රය පරාභව සූත්‍රය කාළාම සූත්‍රය පිළින්දිවච්ඡ සූත්‍රය 5 / 10 නේවාසික භික්ෂූන් සමඟ ශබ්ද නගමින් කතා බස් කරමින් ඝෝෂා ඇති කල, භාග්‍යවතුන් වහන්සේ දැක බලා ගැනීමට පැමිණි පන්සියයක් භික්ෂූන් වහන්සේලාව ශාස්තෘන් වහන්සේ විසින් බැහැර කිරීමත්, පසුව උන්වහන්සේලා සංවේගයට පත්ව වස් කාලය තුල වීර්යය වඩා අර්හත්වයට පැමිණීමත්, ඒ පිළිබඳව දිවැසින් දුටු ශාස්තෘන් වහන්සේ ඒ පන්සියයක් රහතන් වහන්සේලා තමන් වහන්සේ වෙතට යලි කැඳවීමත්, තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ භාග්‍යවතුන් වහන්සේ ඒ පන්සියයක් රහතන් වහන්සේලා සමඟ ආනෙඤ්ජ සමාධියෙන් වැඩ සිටීමත් ගැන සඳහන් වන දේශනය කුමක්ද? යසෝජ සූත්‍රය මහා සමය සූත්‍රය මහා සාල සූත්‍රය ඝටීකාර සූත්‍රය 6 / 10 ගිහි කල තමා සමග විවාහා ගිවිස සිටි ජනපද කල්‍යාණිය නිසා පැවිද්දේ උකටලී වූ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කල සහෝදරයා දමනය වූ ආකාරය සඳහන් වන දේශනය කුමක්ද? නන්ද සූත්‍රය ආනන්ද සූත්‍රය උදායී සූත්‍රය සකුළුදායී සූත්‍රය 7 / 10 රජ කෙනෙකුව සිට පැවිදි වූ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් "අහෝ සැපයි ! අහෝ සැපයි !!" ලෙස සිදු කල උදානයක් පාදක කර ගනිමින් සිදු කල දේශනාව මින් කුමක්ද? ආනන්ද සූත්‍රය භද්දිය සූත්‍රය සැප සූත්‍රය උදායී සූත්‍රය 8 / 10 අවුරුදු සතක් දරු ගැබක් දරා ගනිමින් එහි දුක තෙරුවන් ගුණ සිහි කර දරා ගනිමින් සිට අවසානයේදී බුදු රජාණන් වහන්සේගේ ආශිර්වාදෙයෙන් සුව සේ දරුවා බිහි කල මවක් ගැන සඳහන් වන සූත්‍රය මින් කුමක්ද? සුප්පවාසා සූත්‍රය ඛේමා සූත්‍රය මාතා පුත්ත සූත්‍රය මෙත්තානිසංස සූත්‍රය 9 / 10 "යමක් දකින කොට, ඒ දකින දේ ගැන කෙලෙස් ඇති නොවීමක් නම් වන්නේ, අසන කොට ...., ආඝ්‍රාණය කරන කොට ..., රස විඳින කොට ..., පහස ලබන කොට ..., සිතින් දැන ගන්න කොට, ඒ දැන ගන්න දේ ගැන කෙලෙස් ඇති නොවීමක් නම් වන්නේ, එතකොට ඔබ ඒ හේතුවෙන් ඒකට බැඳෙන්නේ නෑ. යම් වෙලාවක බැඳෙන්නේ නැත්නම්, ඔබ එතන නෑ. ඔබ එතන නැත්නම්, ඔබ මෙලොවත් නෑ. පරලොවත් නෑ. ඒ දෙක අතරත් නෑ. දුක නිමාවීමට පත් වීම කියන්නේ ඕකටයි." යන දහම් අවවාදය දකින්නට ලැබෙන් සූත්‍ර දේශනාව මින් කුමක්ද? මහා සතිපට්ඨාන සූත්‍රය ආනන්ද සූත්‍රය බාහිය දාරුචීරිය සූත්‍රය ලෝණ ඵල සූත්‍රය 10 / 10 "යමක් දකින කොට, ඒ දකින දේ ගැන කෙලෙස් ඇති නොවීමක් නම් වන්නේ, අසන කොට ...., ආඝ්‍රාණය කරන කොට ..., රස විඳින කොට ..., පහස ලබන කොට ..., සිතින් දැන ගන්න කොට, ඒ දැන ගන්න දේ ගැන කෙලෙස් ඇති නොවීමක් නම් වන්නේ, එතකොට ඔබ ඒ හේතුවෙන් ඒකට බැඳෙන්නේ නෑ. යම් වෙලාවක බැඳෙන්නේ නැත්නම්, ඔබ එතන නෑ. ඔබ එතන නැත්නම්, ඔබ මෙලොවත් නෑ. පරලොවත් නෑ. ඒ දෙක අතරත් නෑ. දුක නිමාවීමට පත් වීම කියන්නේ ඕකටයි." යන දහම් අවවාදය වඩාත් විස්තර වශයෙන් දේශනා වන සූත්‍රය කුමක්ද? මහා සතිපට්ඨාන සූත්‍රය මහා හත්ථි පදෝපම සූත්‍රය මාලුංක්‍යපුත්ත සූත්‍රය පරිනිබ්බාන සූත්‍රය Your score is The average score is 95% Facebook 0% Restart quiz